කුරුණෑගල මාස්පොත ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වේගොල්ල වසමේ ග්රාම නිලධාරිවරයා කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසුගිය 22 වන දින මරණයට පත්ව ඇත.
මාස්පොත වැලගනේ පදිංචිව සිටි ග්රාම නිලධාරි එන්.ඩී.තිලකරත්න මහතා මියයන විට 56 හැවිරිදි වියෙහි පසු විය. ඔහු දෙදරු පියෙකි.
රාජකාරියෙහි යෙදී සිටින විට හදිසියේම රෝගාතුරවූ තිලකරත්න මහතා හුස්ම ගැනීමේ අපහසුතාවයට පත්ව සිටීම හේතුවෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ප්රතිකාර ලබා දෙමින් සිටියදී මරණයට පත්ව ඇත.
ඔහුගේ එක් දරුවෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර එම දරුවාගෙන් ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වන්නට ඇති බව සැක කරයි.
තිලකරත්න මහතා කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මරණයට පත්වූ දිවයිනේ තුන්වැනි ග්රාම නිලධාරිවරයා බව පැවසේ.