නව කොරෝනා වෛරසයේ නවතම රැල්ල පාලනය කිරීම සඳහා ඉතාලිය ක්රියාත්මක කර ඇති දැඩි සීමාවන්ට එරෙහිව නේපල්ස් හි විරෝධතාකරුවන් පොලීසිය සමග ගැටුම් ඇති කරගෙන තිබේ.
දකුණුදිග ඉතාලියට අයත් නේපල්ස් වෙත රැස්ව සිටි විරෝධතාකරුවන් දුම් බෝම්බ සහ රතිඤ්ඥා පොලීසිය වෙත එල්ල කරමින් ප්රචණ්ඩකාරී ලෙස හැසිරී ඇති බව විදෙස් වාර්තා පවසයි.
පොලීසිය පිරිස පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් ප්රහාරයක් එල්ල කර තිබේ. ඉතාලිය තුළ යළිත් වටයකට ආසාදිතයන් ඉහළ යෑමත් සමග ප්රධාන වශයෙන් කැම්පානියා ප්රදේශයට පනවා තිබූ රාත්රී ඇඳිරි නීතිය තරුණ පිරිස් ප්රතික්ෂේප කර ඇති බවද වාර්තා වෙයි.
මේ වසරේ පළමු වැනි රැල්ලෙන් රට තුළ සිදුවූ හානිය යළිත් වටයකට සිදු නොවීම සඳහා මෙම දැඩි ක්රියාමාර්ග ගැනීමට සිදුව ඇති බව එරට ප්රාදේශීය බලධාරීන් පෙන්වා දෙයි.