කොවිඩ් 19 වෛරසය යුරෝපය තුළ පැතිර යන විට ඇමෙරිකාව එයට ඉතා සෙමින් ප්‍රතිචාර දැක්වීම හේතුවෙන් රට තුළ ආසාදන හා මරණ වැඩිවීමට හේතු වූ බව එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ ඉහළ නිලධාරියෙක් පැවසීය.
සීඩීසී හි දෙවන අණදෙන නිලධාරි ෂූචට් පැවසුවේ සීමිත පරීක්ෂණ සහ ප්‍රමාද වූ සංචාරක අනතුරු ඇඟවීම් එක්සත් ජනපදය පුරා කොරෝනා වයිරස්්ය වේගයෙන් ව්‍යාප්ත වීමට හේතු වූ බවයි.
ඉතාලියේ සහ අනෙකුත් යුරෝපීය රටවල සිට සංචාරකයින් මිලියන 2 කට ආසන්න සංඛ්‍යාවක් පෙබරවාරි මාසයේදී එක්සත් ජනපදයට පැමිණි බවත්, එක්සත් ජනපද රජය මාර්තු 11 වනදා දක්වා යුරෝපීය රටවලින් ගමන් කිරීම නතර නොකළ බවත් ෂුචාට් පැවැසීය.