වැඩි පිරිසකට ප්‍රතිකාර සහ පහසුකම් ලබාදිය හැකි රෝහල් පවරාගෙන එම රෝහල්, කොවිඞ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙසට කඩිනමින් පරිවර්තනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
ඒ එම අමාත්‍යංශයේ අද පැවැති කොවිඞ් මර්දන කාර්යය සාධන කි‍්‍රයාකාරී සමාලෝචන කමිටුවේදීයි.
සෑම දිනකම දිවයින පුරා නව කොරෝනා ආසාදිතයින් 500 ත් 600 ත් අතර ප්‍රමාණයක් වාර්තා වන බවත්, දෛනිකව සුවය ලබන ප්‍රමාණය 500 ක් පමණ වන බවත්, එම කමිටුවේදී අනාවරණ වී තිබෙනවා.
අදාළ තත්ත්වයන් සැලකිල්ලට ගනිමිනුයි කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා නව මධ්‍යස්ථාන ඉදිකිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය මෙම තීරණයට එළඹ ඇත්තේ.
කොළඹ, ගම්පහ, කලූතර ඇතුළු සෑම දිස්ති‍්‍රක්කයක්ම ආවරණය වන පරිදි දළ වශයෙන් දෛනිකව PCR පරීක්ෂණ 14,000 ක ප්‍රමාණයක් සහ ඇන්ටිජන් පරීක්ෂණ 3,000 ක් පමණ මේවනවිට සිදුකෙරෙන බව ද මෙම සාකච්ජාවේදී අනාවරණ වූ බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ.