සිම්බාබ්වේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු නව කොරෝනා වෛරසයට ධනාත්මක බව පරීක්ෂා කිරීම හේතුවෙන් එරට පාර්ලිමේන්තු කටයුතු රැසක් ඇණහිට ඇති බව වාර්තා වෙයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෛරසයට නිරාවරණය වීම හේතුවෙන් පාර්ලිමේන්තුව සිය කටයුතු රැසක් අත්හිටුවන බව නිවේදනය කර ඇති බව එරට පාර්ලිමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
"අද උදෑසන වනවිට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පමණක් ධනාත්මක බව තහවුරු වී තිබෙනවා" ඔහු තහවුරු කළේය.
"එහි ප්‍රතිඵලයක් වශයෙන්, පාර්ලිමේන්තු සභා වාරය අනාගතයේ දිනක පැවැත්වීම සඳහා කල්තැබීම වෙනුවෙන් ඉතා සීමිත මන්ත්‍රීවරුන් පිරිසක් පමණක් අද පාර්ලිමේන්තුවට පැමිණෙනවා" හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
සිම්බාබ්වේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 2,512ක් වන අතර, ආසාදිත මරණ සංඛ්‍යාව 34කි.