කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය සමග ඉදිරි පෙළ කටයුතු කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල 7,000ක් පමණ වෛරසයට ගොදුරුව මියගොස් ඇති බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂලන් වාර්තා කරයි.
මෙම මියගිය සංඛ්‍යාවෙන් 1,300කට වැඩි පිරිසක් මෙක්සිකෝවෙන් පමණක් වාර්තා වන බවද එහි සඳහන් වෙයි.
"සෑම සෞඛ්‍ය සේවකයෙකුටම රැකියාවේ සුරක්ෂිතව සිටීමට අයිතියක් තියෙනවා. බොහෝ දෙනෙක් මෙසේ වෛරසයට ගොදුරුව මියයෑම සෞඛ්‍ය ක්ෂේත්රයටම අපකීර්තියක්" යැයි ඇම්නෙස්ටි හි ආර්ථික හා සමාජ සාධාරණත්වය පිළිබඳ ප්‍රධානී ස්ටීව් කොක්බර්න් පැවසීය.
"වසංගතයට මාස ගණනක් ගතවී ඇතත්, මෙක්සිකෝව, බ්‍රසීලය සහ ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල සෞඛ්‍ය සේවකයන් තවමත් භයානක අනුපාතයකින් මිය යමින් සිටිනවා. දකුණු අප්‍රිකාවේ සහ ඉන්දියාවේ ශීඝ්‍රයෙන් ආසාදන පැතිරීම පෙන්නුම් කරන්නේ සියලු රාජ්‍යයන් ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවයි."
සෞඛ්‍ය සේවකයන් වෛරසයට ගොදුරුව ජීවිතක්ෂයට පත්ව ඇති සිද්ධීන් සැලකීමේදී එක්සත් ජනපදයෙන් මරණ සංඛ්‍යාව 1,077ක්, එක්සත් රාජධානියෙන් 649ක්, බ්‍රසීලයෙන් 634ක්, රුසියාවෙන් 631 ක් සහ ඉන්දියාවෙන් 573ක් ලෙස වාර්තා වෙයි.
බොහෝ රටවල මරණ නිල වශයෙන් ලියාපදිංචි වී නොමැති බැවින් මෙම සංඛ්‍යා පවා සැලකිය යුතු අවතක්සේරු කිරීමක් විය හැකි බව ඇම්නෙස්ටි පවසයි.