ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ විශේෂ ඉල්ලීම පරිදි COVID19 වසංගතයට ගොදුරු වී මිය යන ශ්‍රී ලංකා මුස්ලිම්වරුන්ගේ දේහයන් සඳහා මාලදිවයින තුළ ඉස්ලාමීය ආගමේ කටයුතු අනුව අවමංගල්‍ය කටයුතු සිදුකිරීමට පහසුකම් සලසන ලෙස මාලදිවයින් ජනපති ඊබ්‍රහිම් සෝලි මහතා අදාළ බලධාරීන් වෙත උපදෙස් දී ඇති බව මාලදිවයිනේ විදේශ ඇමති අබ්දුල්ලා ශාහිඩ් පවසයි.
සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කරන්නේ ජනාධිපති සොලිගේ තීරණය පදනම් වී ඇත්තේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පවතින දීර්ඝ කාලීන ද්විපාර්ශ්වික සබඳතා සහතික කිරීම සඳහා බවයි.
එසේම වසංගතයේ අභියෝගයන්ට මුහුණ දීම සඳහා උපකාර කිරීම සහතික කිරීමද මෙහි තවත් අරමුණක් බව විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කරයි.