පාසැල් ගුරුවරියක් කොවිඩ් 19 ආසාධිතව මියගොස් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ඌව පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය .
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බදුල්ල දෙමල බාළිකා විදුහලේ සේවයකළ බදුල්ල යාම්පානම් වත්ත පදිංචිව සිටි කේ .ශාන්ති මලර් නමැති 49 හැවිරිදි ගුරුවරියකි.
මෙම ගුරුවරියගේ පුත්‍රයාට මීට පෙර කොවිඩ් ආසාධනය වී තිබූ අතර ප්රතිකාරවලින් පසු ඔහු සුවපත්ව සිටින බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරු පැවසූහ .
මෙම ගුරුතුමිය අසනීප වී ඊයේ (5දා) රෝහල්ගතකර ටික වේලාවකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.