කෝවිඩි-19 වසංගත තත්වය තුළ එක්සත් රාජධානියේ ලක්ෂ 03 ට වැඩි පිරිසක් දුම්බීම නතරකර ඇතිබව නවතම සමීක්ෂණයකින් හෙළිව ඇති අතර මෙවැනි වසංගත තත්වයක් තුළ ශ්‍රී ලංකාවේද දුම්වැටි අලෙවිය සම්පුර්ණයෙන් තහනම් කිරීමට කටයුතු කළ යුතු බව සෞඛ්‍ය ක්ෂේත්‍ර පෙන්වාදෙයි.
දුම්පානය හා සෞඛ්‍යය පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායම ( campaign group Action on Smoking and Health (Ash).) සහ පර්යේෂණ සංවිධානයක් එක්සත් රාජධානියේ සිදුකළ ඒකාබද්ධ අධ්‍යයනයට අනුව එහි තවත් 550,000 ක් දුම්පානයෙන් ඉවත්වීමට උත්සාහ කර ඇති අතර මිලියන 2.4 ක් දුම්පානය අඩුකර ඇති බවද හෙළිව තිබේ.
එරට තුළ පුද්ගලයින් 1004 ් යොදාගනිමින් සිදුකළ මෙම සමීක්ෂණයට අනුව ඉන් 2% ක් කෝවඩි-19 වෛසරය පැතිරයාම හේතුවෙන් දුම්පානයෙන් ඉවත්වු බව සඳහන් කර ඇත. මෙම පිරිස අතරින් 8% ක් ඉවත්වීමට උත්සහ කර ඇති අතර 36% ක් අඩුකර ඇත . එමෙන්ම තවත් 27% ක් දුම්පානයෙන් ඉවත්වීමට වැඩි ඉඩක් ඇති බවද සමීක්ෂණ කණ්ඩායම සඳමන් කර ඇත.
මේ අතර කෝවිඩි-19 වසංගතය ශ් රීලංකාවෙන් සාර්ථකව අවසන් කරන තුු ශ්‍රීලංකාවේ දුම්වැටි සහ අනෙකුත් දුම්කොළ නිෂ්පාදන අලෙවිකිරීම සපුරා තහනම් කරන ලෙස ද දුම්කොළ කර්මාන්තතයට විරුද්ධ ශ්‍රීලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් සියලුම සංවිධාන ඒකාබද්ධ ලිපියක් යොමුකරමින් ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතාගෙන් පසුගියදා ඉල්ලීමන් කර තිබුණි.
දුම්වැටි භාවිතය මෙම කොරෝනා වසංගත තත්වය වැඩිකිරීමට ප්‍රබල ලෙස දායක වනවා සේම ශ්‍රී ලංකාවේ සෞඛ්‍යයට හා ආර්ථිකයට ද වැඩි බලපෑම් එල්ල කරන බවද ඔවුන් සිය ලිපිය මගින් ජනාධිපතිවරයාට කරුණු පැහැදිලිකර තිබිණ.