ඉතාලියේ කෝවිඩ් 19 ආසාධිත මියගිය පිරිස අතරින් පිරිමින් 70% පමණක අගයක් ගන්නා බවත් කාන්තාවන්ගේ අගය 30% ක් පමණ වන බවත් ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
මියගිය පිරිසෙන් 3% ක ප්‍රමාණයක් පෙර කිසිදු රෝගක් නොතිබු අය බවත් 97% ම ආවේණික රෝග එකකින් හෝ එයට වැඩියෙන් තිබු පිරිස් බවට තහවුරු වී ඇති බවද අමාත්‍යාංශය සඳහන් කරයි.
එමෙන්ම පසුගිය 21 දා සිට ඊයේ (26දා) දක්වා දින 5 ක කාලයක් තුළ කෝවිඩ් 19 ආසාධිත මරණ සංඛ්‍යාවේ සාධනිය අඩුවීමක් පෙන්නුම් කරමින් ඊයේ වාර්තා වු මරණ සංඛ්‍යාව 260 ක් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
මෙය මාර්තු මස 15 න් පසුව ඉතාලියේ වාර්තා වු අඩුම කෝවිඩ් දෛනික මරණ සංඛ්‍යාව වෙයි. කෝවිඩ් ආසාධිත සමස්ත මරණ සංඛ්‍යාව ඊයේ අවසන් වනවිට 26644 ක් වූ අතර ආසාධිත පිරිස 197675 විය.
චන්දන ප්‍රනාන්දු ඉතාලියේ බ්‍රේෂියා නගරයේ සිට