වසංගතය ආරම්භ වූ දා සිට එක්සත් ජනපදයේ කොවිඩ්-19 මරණ 250,000ක සීමාව ඉක්මවා ගොස් ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ, නව කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය විසින් සම්පාදනය කරන ලද දත්ත පෙන්වා දෙයි.
එක්සත් ජනපදයේ අද (19දා) අලුයම වනවිට අවම වශයෙන් කොවිඩ්-19 මරණ 250,140ක් ලෙස සටහන් වන අතර, එරට සමසත් කොවිඩ්-19 ආසාදන (රෝගීන්) 11,492,593ක් වාර්තා වී ඇති බව විශ්ව විද්‍යාල දත්ත පෙන්වා දෙයි.
ජෝන්ස් හොප්කින්ස් දත්තවලට අනුව 2020 පෙබරවාරි 29 වැනි දින වොෂිංටන් ප්‍රාන්තයේ කොවිඩ්-19 හි පළමු වැනි මරණය එක්සත් ජනපදය වාර්තා කළේය. කෙසේ වෙතත් කැලිෆෝනියාවේ මීට පෙර සිදුවූ මරණ දෙකක් කොවිඩ්-19 වලින් සිදුවූ මරණ බව පසුව තහවුරු විය.
භෞතිකත්වය හා ධනවාදය පමණක් කරපින්නාගත්, රටේ ජනතාවට කුමක් වුවත් රටේ ආර්ථිකය යහපත් විය යුතු බව නිරන්තරයෙන් අවධාරණය කළ, රටට හා ජනතාවට වඩා තම දේශපාලන න්‍යාය පත්‍ර පෙරට ගෙන ක්‍රියාත්මක කළ හා ක්‍රියාත්මක වූ වගකීමෙන් තොර නායකයන් නිසා අද ඇමෙරිකා එක්සත් ජනපදයට නියපොත්තෙන් කඩා දැමීමට තිබූ මහා ව්‍යසනයන් පොරවෙන් තබා, බැකෝ යන්ත්‍රයකින්වත් උගුල්වා දැමිය නොහැකි මට්ටමකට විශාල වී ඇත. ඒ අවාසනාවන්ත තත්ත්වය හමුවේ ඇමෙරිකානුවන් 250,000කට අද අකාලයේ සිය ජීවිත අහිමි වී ඇත. සීත කාලය සමග ආසාදන වේගයෙන් ඉහළ යන තත්ත්වයක එහි අවසානය තවමත් පැහැදිලි නැත.