කොරෝන වෛරස වසංගතය ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ අම්ෆාන් සුපිරි සුළි කුණාටුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමුකිරීමේ උත්සාහයන් අවුල් කර තිබේ.
සහන කණ්ඩායම් මිලියන ගණනක් ජනතාව ආරක්ෂා කර ගන්නේ කෙසේද යන්න සමග පොරබදමින් සිටින අතර, කෝවිඩ් -19 අවදානමෙන් ඔවුන්ව ආරක්ෂා කිරීමේ වගකීමද ඒ සමගම උරමතට වැටී ඇත.
මේ වනවිට ප්‍රබල 2 වැනි කාණ්ඩයේ අත්ලාන්තික් සුළි කුණාටුවට සමාන ඇම්ෆාන් සුළි කුණාටුව දේශීය වේලාවෙන් අද සවස් වරුවේ ඉන්දියාවේ මිලියන 14ක ජනතාවක් වෙසෙන කොල්කටා නගරයට හා බංග්ලාදේශ දේශසීමාවට ආසන්නව ගොඩබිමට ඇතුළු වීමට නියමිත බව කාලගුණ අංශ පවසයි.
එක්සත් ජනපද පැසිෆික් ආපදා මධ්‍යස්ථානය සහ එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලයට අනුව ඉන්දියාවේ මිලියන 33.6ක් සහ බංග්ලාදේශයේ මිලියන 8ක් පමණ ජනතාවක් වෙසෙන ගමන් මාර්ගයක මෙම කුණාටුව ගමන් කිරීමට නියමිතය.