කොවිඩ්-19 වෛරසයේ භයානක නව ප්‍රභේද පිළිබඳව විමසිල්ලෙන් සිටිමින් ලෝකයට උපකාර කිරීම සඳහා තවත් බොහෝ රටවල විද්‍යාඥයන් කොරෝනා වෛරසයේ සාම්පල එකතු කරමින් ඒවායේ ජානමය අනුක්‍රමයන් පිළිබඳ සැලකිලිමත් විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි.
"අපගේ සාමූහික ඉලක්කය වන්නේ මේ තරගයේ ඉදිරියෙන් සිටිමින්, වඩාත් සැලකිලිමත් විය යුතු නව ප්‍රභේද ඉක්මනින් හඳුනාගෙන, අධ්‍යයනය කිරීම සහ රෝග පාලන ප්රයත්නයන් සඳහා ඒවායේ ඇඟවුම් තේරුම් ගැනීම සඳහා ගෝලීය යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමයි" ලෝක සෞඛ්‍ය සංවිධානයේ පර්යේෂණ හා සංවර්ධන සැලැස්මේ ප්‍රධානී වෛද්‍ය ඇනා මාරියා හෙනාවෝ රෙස්ට්රෙපෝ පැවසීය.
“මේ වන විට විශ්මයජනක ජානමය අනුක්‍රමයන් 350,000ක් පමණ ප්‍රසිද්ධියේ බෙදාගෙන තිබෙනවා. නමුත් බොහෝ ඒවා පැමිණෙන්නේ රටවල් අතළොස්සකින් පමණයි. ජානමය අනුක්‍රමයන් පිළිබඳ භූගෝලීය ආවරණය වැඩි දියුණු කිරීමෙන් වෛරසයට සිදුවන වෙනස්කම් පිළිබඳව ලෝකයට ඇස් කන් තවදුරටත් විවෘතව තබාගැනීමට හැකිවෙනවා" කොවිඩ් -19 පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණික නායිකා වෛද්‍ය මාරියා වැන් කෙර්කොව් පැවසීය.