එක්සත් රාජධානියේ සිට ජපානයට යළි පැමිණි පුද්ගලයින් පස් දෙනෙකු කොවිඩ්-19 හි නව වෛරසය ප්‍රභේදය සඳහා ධනාත්මක බව පරීක්ෂා කර ඇති බව ජපානය කියයි.
වෛසරයේ මෙම නව ප්‍රභේදය වඩාත් පහසුවෙන් ව්‍යාප්ත වනු ඇතැයි දැනට හඳුනාගෙන ඇති අතර, මෙම නව ප්‍රභේදය ජපානයේදී හඳුනාගත් පළමු අවස්ථාව මෙය බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මේ අතර අඛණ්ඩව තුන්වැනි දිනටත් ජපානයේ දෛනික ආසාදන 3,000ක සීමාව ඉක්මවා ගිය බවද එරට සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.