ජනතාව කොරෝනා එළවා දැමුවහොත් පාර්ලිමේන්තු මැතිවරණය නියමිත පරිදි පැවැත්වීමට කිසිදු බාධාවක් ඇති නොවනු ඇතැයි ද එම වාතාවරණය ඇති කර ගැනීම සදහා ජනතාව සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කළ යුතු බවද ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
අද (13) බදුල්ලේදි මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය .
කොරෝනා වෙනත් අයට පැතිරයාම වැලැක්වීමටත් එම වසංගතය හිර කර තැබීමත් වැදගත් බව අවධාරණය කළ දේශප්‍රිය මහතා එම වෛරසය පිළිබදව සැකයක් ඇතිවු සියලු දෙනා සෞඛ්‍ය උපදෙස් අනුව නිරෝධායනයට ලක්වීම මෙම වෛරසය එළවා දැමීමට ඇති හොඳම පිළිවෙත බව සඳහන් කළේය .
ඇතැම් ජනමාධ්‍යවල හැසිරීම සම්බන්ධයෙන් හා රජයේ නිලධාරින් දේශපාලන කටයුතු වලට සම්බන්ධවීම සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇතත් රජයේ වාහන පාවිච්චිය අද වන විට නතරවී ඇති බවද පැවසීය .
පවතින ආනාරක්ෂිත තත්ත්වය නිසා අප්‍රේල් මස 25 වැනිදා දක්වා මහජනතාව රැස්වන රැස්වීම නොපැවැත්වීමට ඇතැම් දේශපාලන පක්ෂ දැනටමත් තීරණය කර ඇති බව දන්වා තිබෙන බවද ඡන්දය පැවැත්වීමට නම් ජනතාව ආරක්ෂාකාරීව සිටිය යුතු බවද දේශප්‍රිය මහතා අවධාරණය කළේය .