නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩෙන්ගේ කොවිඩ්-19 පරීක්ෂණ ප්රතිඵලය සෘණාත්මක බව රජයේ ප්රකාශකයෙක් අද (03දා) තහවුරු කළේය.
ඇගේ තුන් හැවිරිදි දියණියගෙන් සෘතුමය සෙම්ප්රතිශ්යා තත්ත්වයක් බෝවීමෙන් පසුව අගමැතිනිය සිය රාජකාරීවලින් ඉවත් වී, පූර්වාරක්ෂක පියවරක් ලෙස පෙර දින කොවිඩ්-19 පරීක්ෂණයක් සිදුකර තිබුණි.
උප අගමැති ග්රාන්ට් රොබර්ට්සන්, ජනපති ආර්ඩෙන් වෙනුවෙන් එම දිනයේ ඇගේ රාජකාරීමය වගකීම් ඉටු කළේය.
නවසීලන්තය බොහෝ දුරට කොරෝනා වෛරසයෙන් තොර වන අතර, පෙබරවාරි මාසයෙන් පසු ප්රජාව තුළ කිසිදු රෝගයක් වාර්තා වී නැත.
එමෙන්ම වෛරසය හොඳින්ම පාලනය කළ නායිකාවක ලෙසද මේ වනවිට ආර්ඩෙන් සිය රට තුළ මෙන්ම, ලොවපුරා ගෞරවාදරයට පාත්ර වී ඇත.
නවසීලන්ත අගමැතිනිය පසුගිය ජූලි 28දා සිය දෙවැනි ෆයිසර් එන්නත් මාත්රාව ලබාගෙන තිබුණි.