කොවිඩ් 19 වසංගතය තවමත් රට පුරා පැතිරීමක් නොමැති බවත් රෝගීන් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය නිසා රට පුරා රෝගීන් වාර්තා වන බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවැසීය.
මේ වන විට මුල්ම ආසාදිතයන් පිළිබඳව කළ යුතු සියල්ල කර අවසන් බවත් දැන් සිදුකරන්නේ ආශ්‍රිතයින් පිළිබඳව කටයුතු කිරීම බවත් ඔහු සඳන් කළේය.
ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් කිහිපයක් තුළ ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කළ දිනයක් පිළිබඳව දැන්ම ප්‍රකාශ කළ නොහැකි බවත් එම සීමා ඉවත් කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයට පමණක් කළ නොහැකි බවද ඔහු පැවැසීය.