එක්සත් ජනපදයේ ෆෙඩරල් රජය පවසා සිටියේ කාට්රිජ් මත පදනම් වූ ක්ෂණික කොවිඩ්-19 පරීක්ෂාවන් සඳහා ඇ.ඩො.බිලියන 481ක මුදලක් ආයෝජනය කරන බවය.
එක්සත් ජනපදයේ කොවිඩ්-19 පරීක්ෂණ ධාරිතාව වේගවත් ලෙස පුළුල් කිරීමට මෙය ඉවහල් වනු ඇති බව ෆෙඩරල් රජය පවසයි.
කියු හෙල්ත් හි ක්ෂණික පොලිමරේස් දාම ප්‍රතික්‍රියාව (පීසීආර්) මගින් කොවිඩ්-19 වෛරසයේ ජානමය සංයුතිය සොයා ගැනීමට මිනිත්තු 20ක් පමණ ගතවන බව පවසයි. ඒ අනුව කියු හෙල්ත් සඳහා ඇ.ඩො.මිලියන 481ක් ආයෝජනය කරන බව සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව සහ ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.
මෙම හවුල්කාරිත්වය නිසා 2021 මාර්තු වනවිට කියු හෙල්ත් සිය නිෂ්පාදන පදනම පුළුල් කිරීමට සහ දේශීය නිෂ්පාදනය දිනකට කොවිඩ්-19 පරීක්ෂණ කට්ටල 100,000ක් දක්වා ඉහළ නැංවීමට හැකි වන බවත්, රට තුළ වසංගත තත්ත්වයට සහාය දැක්වීමට කොවිඩ්-19 පරීක්ෂණ කට්ටල මිලියන 6ක් සහ උපකරණ 30,000ක් ලබා දීමෙන් මෙම හැකියාව පෙන්නුම් කර ඇති බවත් එක්සත් ජනපද සෞඛ්‍ය හා මානව සේවා ලේකම් ඇලෙක්ස් අසාර් පවසයි.
කියු හෙල්ත් හි ක්ෂණික පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵලය මිනිත්තු 20ක පමණ කාලයක් තුළ ලබාදෙන අතර, එය දින කිහිපයක් විද්‍යාගාර පරීක්ෂණ මගින් ලබාදෙන ආකාරයේ නිරවද්‍යතාවයෙන් යුතු බව වැඩිදුරටත් සඳහන් කරයි. එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනය විසින් ජුනි මාසයේදී මෙම පරීක්ෂණය වෙත හදිසි භාවිත අවසරය ලබාදෙන ලදී.