සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හෙට දිනයේ සිට යුද හමුදා රෝහලේදී කොවිඩ් එන්නත ලබා දීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ.
ඒ අනුව හෙට දිනයේ සිට යුද හමුදා රෝහලේ දී මන්ත්‍රීවරුන් හට එම එන්නත ලබා ගැනීමට හැකියාව පවතින බවට දැනුම් දී තිබෙන බවයි වාර්තා වන්නේ.
යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා අද සඳහන් කර සිටියේ ජනාධිපතිවරයාගේ උපදෙස් මත බස්නාහිර පළාතේ අවධානම් සහිත ප්‍රදේශවල ජිවත්වන ජනතාව සහ වැඩි වශයෙන් මහජනතාව සමග නිරාවරණය වන කොටස් ඉලක්ක කර ගනිමින් කොවිඩ් එන්නත ලබාදීම කටයුතු කරන බවයි.