කොවිඩ්-19 එන්නත සමග ඇති එක් අභියෝගයක් නම්, ඒ සමග එන වැරදි තොරතුරු ඉවත් කිරීම බව සී.එන්.එන්. පුවත් සේවය පෙන්වා දෙයි. ඒ අනුව මේ සඳහා පවතින ප්‍රශ්න කිහිපයක් සම්බන්ධයෙන් එම සේවයේ ප්‍රධාන වෛද්‍ය වාර්තාකරු වෛද්‍ය සංජය ගුප්තා ලබාදෙන පැහැදිලි කිරීමක් ඉදිරිපත් කර තිබේ.
එන්නත් නිෂ්පාදන ක්‍රියාවලිය වේගවත් වීම ඉක්මන් වැඩි නැද්ද?
&එන්නත වේගයෙන් නිපදවීම විශිෂ්ට ක්‍රියාවලියක්. ඒ වගේම, එය හරියටම කේතය, එනම් වෛරසයේ ජානමය කේතය රැගෙන, එන්නත සෑදීම සඳහා භාවිත කරන එම කේතයේ කොටසක් ලබාගැනීම හා සමානයි." mRNA එන්නත් සඳහා වන තාක්ෂණය පිළිබඳ පර්යේෂණ දශක ගණනාවකට පෙර ආරම්භ වූ බව ඔහු සඳහන් කළේය.
"මේ වටා විද්‍යාත්මක දියුණුවක් බොහෝ කාලයක් තිස්සේ සිදුවෙමින් පවතිනවා" වෛද්‍ය ගුප්තා පැවසීය.
යමෙකුට කොවිඩ්-19 කලින් සෑදී තිබුණේ නම් ඔහුට හෝ ඇයට එන්නත අවශ්‍යද?
"ඔබ කොරෝනා වෛරසය ආසාදනය වී සිටි පුද්ගලයෙකු වුවත්, ඔබද තවමත් එන්නතක් ලබාගත යුතුයි." වෛද්‍ය ගුප්තා පැවසීය.
"ඔබ වෛරසය ආසාදනය වී සිටි අයෙකු ලෙස වෛරසයට එරෙහි ප්‍රතිදේහ නිපදවා තිබුණත්, ඒ මගින් ඔබට ආරක්ෂාවක් කොපමණ කාලයක් පවතිනු ඇත්දැයි අප දන්නේ නැහැ."
කොවිඩ්-19 එන්නතක් ලබා ගැනීම නිසාම, යමෙකුට වෛරසය ආසාදනය විය හැකිද?
මෙම එන්නතක් සමග ඔබට කිසිදු කොරෝනා වෛරසයක් ආසාදනය විය නොහැකි බව ගුප්තා පැහැදිලි කළේය.
"මේ එන්නත් ක්‍රියාවලියේදී, ඔබට වෛරසයේ කොටසක් සඳහා වූ ජාන කේතයක් ලබාදීමයි සිදුවන්නේ. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඔබට ඇත්ත වශයෙන්ම කිසිදු වෛරසයක් ලබාදීම සිදුවන්නේ නැහැ. නිසැකවම සජීවී වෛරසය එන්නතෙහි නැහැ. ඔබට කිසිසේත්ම එන්නතක් සමග ආසාදනය විය නොහැකියි." වෛද්‍ය ගුප්තා වැඩිදුරටත් සඳහන් කළේය.