ජපාන රජයේ සහයෝගය ඇතිව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදෙන ශීතාගාරදාම උපකරණවලින් පළමු වැනි තොගය අද (30දා) භාරදී තිබේ.
මෙමගින් කොවිඩ්-19 ද ඇතුළුව ශ්‍රී ලංකාවේ ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට හැකිවනු ඇති බව ඔවුන් පවසයි.
ප්‍රතිශක්තිකරණ එන්නත් සුරක්ෂිතව ප්‍රවාහනය කිරීමට භාවිතකරන බහාලූම් 500ක් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ ශ්‍රී ලාංකේය නියෝජිත එමා බි්රග්හැම් සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති සුගියාමා අකිරා විසින් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ කාර්යාලයේදී භාරදෙනු ලැබුවේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙතයි.
මීළඟ භාණ්ඩ තොගයට අයිස් ආස්තරණය කරන ලද ශීතකරණ 100ක්, ශීතකරණ උෂ්ණත්වය අධීක්ෂණය කරන උපකරණ 145ක් සහ ප්‍රතිශක්තිකරණ එන්නත් බහාලූම් 1,000ක් අඩංගුවේ.
"අප දැන් ආරම්භ කර තිබෙන කොවිඩ්-19 එන්නතේ දෙවෙනි මාත්‍රාව ලබාදීම ඇතුළු වර්තමාන එන්නත්කරණ කටයුතුවලට පමණක් නොව සමස්ත ප්‍රතිශක්තිකරණ වැඩසටහනටත් මේ උපකරණ ඉතා වැදගත් වෙනවා. මේ තීරණාත්මක අවධියේදී එන්නත්කරණ වැඩසටහන සහ අපගේ ශීතාගාරදාම කළමනාකරණය ශක්තිමත් කිරීමට අත්‍යවශ්‍ය වන මේ උපකරණ ප්රදානය කිරීම සම්බන්ධයෙන් ජපාන රජයට අපගේ ස්තුතිය පුදකර සිටිනවා. ශ්‍රී ලංකාව සහ ජපානය අතර තිබෙන්නේ දීර්ඝකාලීන සම්බන්ධතාවක්. අප රටට සහාය දීමට ඔබ කිසි විටෙක පසුබට නොවන බව අප දන්නවා" වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.
"ඒ වගේම ශීතාගාරදාම උපකරණ සහ ප්‍රතිශක්තිකරණය ආශ්රිත ප්‍රසම්පාදන කටයුතුවල නිරත වෙමින් මේ මුළු කාලය පුරා යුනිසෙෆ් ආයතනය ශ්‍රී ලංකාවට ලබාදී තිබෙන සහායත්, ඒ ගෞරවනීය හැඟීමෙන්ම මා සිහිපත් කළ යුතුයි. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් යුනිසෙෆ් ආයතනයට මම මගේ හෘදයංගම කෘතඥතාව පළ කර සිටිනවා" ඇය තවදුරටත් සඳහන් කළාය.
ජපානයේ ශ්‍රී ලංකා තානාපති සුගියාමා මහතා මේ අවස්ථාවේදී අදහස් දක්වමින් "ජපානයේ දිගුකාලීන මිතුරෙකු වශයෙන් ශ්‍රී ලංකාවේ සියලූම පුරවැසියන්ට මේ ප්‍රතිශක්තිකරණ එන්නත ලබාගැනීමට සමාන අවස්ථාව ලබාදීමට සහාය දැක්වීමට මේ අත්‍යවශ්‍ය ශීතාගාරදාම පද්ධති පහසුකම් ලබාදෙනවා. ජපානය එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හරහා සංවර්ධනය වෙමින් පවත්නා රටවල්වලට මේ ආකාරයෙන් හදිසි අවස්ථා සහාය දක්වනවා. ශ්‍රී ලංකාවට ලබාදුන් ප්‍රතිශක්තිකරණ එන්නත් සුරක්ෂිතව ගෙනයා හැකි බහාලූම් 500 අප විසින් ක්‍රියාත්මක කරනු ලබන Last One Mile Support අත්‍යවශ්‍ය සහාය ලබාදීමේ වැඩසටහන යටතේ ලබාදෙන පළමු වැනි ප්‍රතිශක්තිකරණ උපකරණ කාණ්ඩයයි. මෙහිදී ඉතාමත් කාර්යක්ෂම ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට අපගේ ස්තුතිය පුදකරනවා. නියමිත උෂ්ණත්ව පාලනයක් යටතේ ආරක්ෂාකාරීව, නියමිත වේලාවට මේ ප්‍රතිශක්තිකරණ එන්නත් බෙදාහැරීමට හැකිවීම මගින් ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළ කඩිනම්ව සිදුකරගෙන යාමට මෙම ප්‍රතිශක්තිකරණ එන්නත් බහාලූම් උපකාරීවනු ඇතැයි ජපාන රජය විශ්වාස කරනවා" යැයි ප්‍රකාශ කර සිටියේය.
ශ්‍රී ලංකාව කොවිඩ්-19 වංසගතය සඳහා තෝරාගත් කණ්ඩායම් ඉලක්ක කරගෙන ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළට අනුව මෙම කණ්ඩායම්වලට වැඩි අවදානම් ප්‍රදේශවල ජීවත්වන වයස අවුරුදු 60ට වඩා වයස්ගත කණ්ඩායම් අයත් වේ.
"ප්‍රතිශක්තිකරණය විසින් අප එකිනෙකා සමීපකරනු ලබන අතර එමගින් ප්‍රතිශක්තිකරණය සාර්ථකත්වයට පත්වේ" යන තේමාව යටතේ ලෝක ප්‍රතිශක්තිකරණ සතිය සමරන මෙම අවස්ථාව මෙම ශීතාගාරදාම පහසුකම් උපකරණ ලබාදීමට සුදුසුම කාලය බවද ඔවුන් කියයි.
කොවිඩ්-19 වසංගත තත්වය හමුවේ අන් කවරදාටවත් වඩා වැදගත් වී තිබෙන ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළ ජපාන රජය, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදළ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාර්ශ්වකරණය මගින් ශක්තිමත්ව ප්‍රවර්ධනය වන අයුරු මනාව පැහැදිලි වන බව බි්රග්හැම් මහත්මිය පැවසුවාය. ජපාන රජය සහ එම ජනතාව විසින් දීර්ඝකාලයක් පුරා ලබාදෙන සහාය සහ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදෙන ශක්තිමත් සහයෝගිතාව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල ඉතාමත් අගය කරන බව ඇය පැවසුවාය.
කොවැක්ස් පහසුකම යටතේ මාර්තු මාසයේදී එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා ප්‍රතිශක්තිකරණ එන්නත්වල ප්‍රථම තොගය ගෙනඑනු ලැබූ අතර, ඒවා දැනටමත් ජනතාවට ලබාදෙමින් පවතී. අද දින ලැබුණු ශීතාගාරදාම පහසුකම් හා ලැබීමට නියමිත උපකරණද සමග එන්නත් ගඩඩා කිරීම සහ කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන ශක්තිමත්ව ක්‍රියාවට නැංවීමට උපකාර වනු ඇති බව ඇය වැඩිදුරටත් පැවසීය.