දෛනික කොවිඩ්-19 ආසාදිතයන්ගෙන් මේ වනවිට 97,000 ඉක්මවූ ආසාදිතයන් සමග වාර්තා පිහිටුවා ඇති ඉන්දියාවේ සමහර ප්‍රදේශවල ඔක්සිජන් සැපයුම හිඟවෙමින් පවතින බව රෝහ්ල සහ පළාත් පාලන නිලධාරීන් පවසයි.
රටේ සමහර ප්‍රදේශවල වෛද්‍ය ඔක්සිජන් සොයා ගැනීම දුෂ්කර වී ඇති අතර, ඉන්දියාවේ මූල්‍ය අගනුවර වන මුම්බායි හි උප නගරයක් වන පන්වෙල්හි නිරමයා රෝහලේ වෛද්‍ය අධ්යක්ෂ අමිත් තදානි පැවසුවේ තම ප්‍රදේශයේද හිඟය උග්‍ර බවයි. "අපි සිලින්ඩර 50ක් ඉල්ලුවොත්, අපට 5ක් හෝ 7ක් පමණ ලැබෙනවා" ඔහු පැවසීය.
අවසන් වරට ඉන්දියාවෙන් කොවිඩ්-19 ආසාදිතයන් 97,570ක් සමග දෛනික ආසාදන වාර්තාවක් පිහිටවූ අතර, ආසාදිත මරණ සංඛ්‍යාවද එදින 1,000 ඉක්මවීය.