ලෝකයේ වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් වාර්තා වන රට ලෙස එක්සත් ජනපදයේ අවම වශයෙන් කොවිඩ්-19 ආසාදිතයන් 9,036,000ක් ඉක්මවා මේ වනවිට වාර්තා වන අතර, මරණ සංඛ්‍යාව 230,000ක සීමාවට පැමිණ ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය විසින් සම්පාදනය කළ දත්ත පෙන්වා දෙයි.
නව කොරෝනා වසංගතය රට තුළ පැතිරීම ආරම්භ වූදා සිට එක්සත් ජනපදය නව ආසාදිතයන් මිලියනයක් එකතු කළ වේගවත්ම අවස්ථාව මෙයයි. ඒ අනුව ආරම්භයේ සිට එරට තුළ ආසාදන මිලියනය බැගින් වැඩිවූ ආකාරය මෙසේය.
- ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය විසින් එක්සත් ජනපදයේ කොවිඩ්-19 වෛරසය පිළිබඳ පළමු වැනි සිද්ධිය ජනවාරි 21 වැනි දින වාර්තා විය.
- දින 98කට පසු, අප්‍රේල් 28 වැනි දින එක්සත් ජනපදය ආසාදන මිලියනයකට ගොදුරු විය.
- දින 44කට පසු, ජුනි 11 වැනි දින එක්සත් ජනපදය ආසාදන මිලියන 2ක් වාර්තා කළේය.
- දින 27කට පසු, ජූලි 8 වැනි දින එක්සත් ජනපදය ආසාදන මිලියන 3ක් වාර්තා කළේය.
- දින 15කට පසු, ජූලි 23 වැනි දින එක්සත් ජනපදය ආසාදන මිලියන 4ක් වාර්තා කළේය.
- දින 17කට පසු, අගෝස්තු 9 වැනි දින එක්සත් ජනපදය ආසාදන මිලියන 5ක් වාර්තා කළේය.
- දින 22කට පසු, අගෝස්තු 31 වැනි දින එක්සත් ජනපදය ආසාදන මිලියන 6ක් වාර්තා කළේය.
- දින 25කට පසු, සැප්තැම්බර් 25 වැනි දින එක්සත් ජනපදය ආසාදන මිලියන 7ක් වාර්තා කළේය.
- දින 21කට පසු ඔක්තෝබර් 16 වැනි දින එක්සත් ජනපදය ආසාදන මිලියන 8කට ගොදුරු විය.
- දින 14කට පසු, අද එක්සත් ජනපදය ආසාදන මිලියන 9කට ගොදුරු විය.
ලෝකයේ තවත් රටවල් 7ක් සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් මිලියනයකට වඩා වාර්තා කර ඇත,
ඉන්දියාවේ සමස්ත ආසාදිතයන් මිලියන 8කට වඩා වාර්තා කර ඇත.
බ්‍රසීලයේ සමස්ත ආසාදිතයන් මිලියන 5කට වඩා වාර්තා කළේය.
රුසියාව, ප්‍රංශය, ස්පාඤ්ඤය, ආර්ජන්ටිනාව සහ කොලොම්බියාව යන රටවලද සමස්ත ආසාදිතයන් මිලියනයකට වඩා වාර්තා කර තිබේ.