නාවික හමුදාව තුළ අද (12දා) දිනය වන විට කොවිඩ් - 19 වෛරසය ආසාදිත වීරෝධාර රණවිරුවන් සංඛ්‍යාව 428 ක් බවත් ඉන් 41 දෙනෙකු PCR පරික්ෂණ සිදුකර පූර්ණ සුවය ලබා රෝහල් වලින් බැහැර වී ඇති බවත් කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
දැනට රණවිරුවන් 387 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවත් එම මධ්‍යස්ථානය සඳහන් කරයි.
අද (12) දින දහවල් ඉන්දියාවේ චෙන්නායි (Chennai) සිට ශ්‍රී ලංකන් මගී ගුවන් යානයක් මගින් පුද්ගලයින් 320 දෙනෙකු දිවයිනට පැමිණි අතර ඔවුන් සියළු දෙනා යුද හමුදාව විසින් මෙහෙයවනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමුකර ඇති බවත් එම නිවේදනයේ දැක්වෙයි.
අද (12) දිනය වන විට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 7515 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් වී තම නිවෙස් වෙත පිටව ගොස් ඇති අතර ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 37 ක් තුළ පුද්ගලයින් 3701 දෙනෙකු මේ වන විට නිරෝධායනය වෙමින් සිටින බවත් ඔවුන් නිවේදනය කරයි.