කොවිඩ් ආසාදනයෙන් පසු දරුවන්ට වැලඳෙන බහු ඉන්ද්‍රීය ආසාදන තත්ත්වය හටගත් දරුවන් 34 දෙනෙකු ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන තිබේ.
ඒ අතරින් දරුවන් 21ට කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් ප්‍රතිකාර ලබාදී ඇත. මේ වන විට එම රෝගය ආසාදනය වූ දරුවන් 5ක් රිජ්වේ රෝහලේ දැඩි සත්කර ඒකකයේ ප්‍රතිකාර ලබයි.
එක් දරුවෙක් මියගොස් ඇත. කොවිඩ් ආසාදනය වී සති 2ත් - 6ත් අතර කාලයකින් මෙම රෝගය ආසාදනය වී තිබේ.
දැඩි උගුර වේදනවා, වමනය, පාචනය, ඇස් රතුවීම, හම මතුපිට ඇතිවන රතු පැහැති තුවාල මෙහි රෝග ලක්ෂණ වෙයි.
මේ රෝගී තත්ත්වය හඳුනා ගත් සැනින් දරුවා රෝහලක් කරා රැගෙන යෑම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය අංශ පවසයි.