කොවිඩ්-19 වෛරසයට ප්‍රතිචාර දක්වන ඉදිරි පෙළ සෞඛ්‍ය අංශවලට වෛරසය ආසාදනය භයානයක අගයකින් ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ බෝවන රෝග වසංගත රෝග විද්‍යාඥ මාරියා වැන් කෙර්කොව් පවසයි.
"සමහර රටවල, වාර්තා වී ඇති රෝගීන්ගෙන් 10%කට වඩා වැඩි සංඛ්‍යාවක් සෞඛ්‍ය සේවකයින් බව හඳුනාගෙන තිබෙනවා." ඇය කියයි.
ඊයේ (11දා) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වැන් කෙර්කොව් කියා සිටියේ සෞඛ්‍ය සේවකයින් ආසාදනය වන්නේ කොතැනද සහ ඇයිද යන්න පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය සොයා බලමින් සිටින බවත්, ආසාදන අවම කිරීමට හා නැවැත්වීමට කටයුතු කරන බවත්ය.
"වාර්තා වී ඇති අධ්‍යයනයන්ගෙන් සහ වෛද්‍යවරුන් හා ආසාදන පාලන විශේෂඥයන් සමග අප කරන දුරකථන සංවාදවලින් තේරුම් ගත්තේ, බොහෝ සෞඛ්‍ය සේවකයින් වෛරසය ආසාදනය ලක්වූ සිය පවුලේ සාමාජිකයෙකු සමග සම්බන්ධ වී ඇති බවයි" යනුවෙන් වැන් කෙර්කොව් කියයි.
එනම් ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු තමා සේවය කරන සෞඛ්‍ය සේවා ස්ථානයෙන් පිටතදී ආසාදනය වී ඇති බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.