ලොව පුරා කොවිඩ්-19 ආසාදිතයන් වැඩිම පිරිසක් වාර්තා වන රටවල් අතර දෙවැනි තැන සිටි රුසියාව පසුකර බ්‍රසීලය දෙවැනි තැනට පත්ව තිබේ.
ඒ අනුව උතුරු ඇමෙරිකානු කලාපයේ ඇමෙරිකා එක්සත් ජනපදය ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් පිරිසක් වාර්තා වන රට ලෙස ඉදිරියෙන්ම සිටියදී, දකුණු ඇමෙරිකානු කලාපයේ බ්‍රසීලය ලොව දෙවනුවරට වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වන රට ලෙස ආසාදිතයන් 330,890ක් වාර්තා කර තිබේ.
ඒ අනුව මෙතෙක් දෙවැනි තැන සිටි රුසියාව තෙවැනි තැනට පත්ව ඇති අතර, රුසියාවෙන් වාර්තා වන නවතම ආසාදිත අගය 326,448ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.
ගෙවීගිය පැය 24 තුළ බ්‍රසීලයෙන් කොවිඩ් -19 ආසාදිතයන් 20,803 ක් වාර්තා වූ අතර, ඒ සමග සමස්ත ආසාදිත අගය 330,890ක් බවට පත්ව තිබේ.
එමෙන්ම පසුගිය පැය 24 තුළ බ්‍රසීලය විසින් නව කොරෝනා වෛරස් මරණ 1,001 ක් වාර්තා කර ඇති අතර, ඒ සමගම බ්‍රසීලයේ සමස්ත මරණ සංඛ්‍යාව 21,048ක් දක්වා ඉහළට පැමිණ ඇත.
බ්‍රසීලයේ වෛරසය ආසාදනය වූවන්ගෙන් මේ දක්වා සුවය ලබා ඇති පිරිස 135,430කි.
ලැයිස්තුවේ තෙවැනි තැනට වැටුණු රුසියාවේ සමස්ත ආසාදිත අගය 326,448ක් වන අතර, සමස්ත මරණ සංඛ්‍යාව මේ වනවිට 3,249කි.
රුසියාවේ වෛරසය ආසාදනය වූවන්ගෙන් මේ දක්වා සුවය ලබා ඇති පිරිස 99,825ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවවිද්‍යාල දත්ත පෙන්වා දෙයි.
කෙසේ වෙතත් බ්‍රසීලයට මෙවැනි ඉරණමක් අත්වීම සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම එරට වගකීම් විරහිත ජනාධිපතිවරයා වෙත පැටවෙන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. කොරෝනාව සුළු උණ තත්ත්වයක් ලෙස සැලකූ ඔහු, සමාජ දුරස්ථකරණ නීති ගෙනා ආණ්ඩුකාරවරුන්ට එරෙහිව උද්ඝෝෂණ පවා කළේය.