කොවිඩ්-19 ආසාදිතව සිටි මෙක්සිකෝ ජනපති ඇන්ඩ්‍රෙස් මැනුවෙල් ලෝපෙස් ඕබ්රඩෝර් බ්‍රහස්පතින්දා වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ තමා මේ වනවිට පූර්ණ සුවය ලබා ඇති බවයි.
67 හැවිරිදි වියේ පසුවන ජනාධිපතිවරයා පසුගිය ජනවාරි 24 වැනි දින කොවිඩ්-19 වෛරසය සඳහා ධනාත්මක බව තහවුරු විය.
ඒ අනුව හුදකලාව සිටි මෙක්සිකෝ ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය වෛද්‍ය අධීක්ෂණය නිරීක්ෂණයට ලක්වූ අතර, මේ වනවිට ඔහු පූර්ණ සුවය ලබා තිබේ. කෙසේ වෙතත් කොවිඩ්-19 ආසාදනය වූ එකම රාජ්‍ය නායකයා ඔහු නොවීය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, මහා බ්‍රිතාන්‍යයේ අගමැති බොරිස් ජොන්සන් ඇතුළු රාජ්‍ය නාකයන් සැලකිය යුතු පිරිසක් මේ වනවිට කොවිඩ්-19 වෛරසයට ගොදුරු විය.