කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්ෂා කළ මළ සිරුරක් වනවාටු දූපතේ වෙරළට ගසාගෙන යාමෙන් පසු පැසිෆික් දූපත් රාජ්‍යය එරට ජනතාවට දින තුනක් එහි ප්‍රධාන දිවයිනෙන් පිටතට ගමන් කිරීම තහනම් කර තිබේ.
පිලිපීන ධීවරයෙකුගේ මළ සිරුරක් මෙසේ වනුවාටු අගනුවර ප්‍රධාන වරාය වන පෝර්ට් විලා සිට තරමක් දුරින් වූ එෆේට් දූපතේ වෙරළ තීරයේ තිබී සොයා ගන්නා ලදී.
එදින, එක්සත් රාජධානියේ ධජය රැගත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක එක් කාර්ය මණ්ඩල සේවකයෙකු නොමැති බව සොයාගෙන ඇතැයි විදෙස් වාර්තා පවසයි.
ඒ අනුව වනුවාටු වරාය බලධාරීන් මෙම නෞඛාවට නැව වරායට පැමිණෙන ලෙස පැවසූ අතර සෝදිසි හා බේරා ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වී තිබේ.
කාර්ය මණ්ඩලයේ සාමාජිකයාගේ සිරුර වෙරළ තීරයේ තිබී සොයාගත් පසු බලධාරීන් නෞකාව රඳවා තබා ගෙන ඇති අතර, මෘත ශරීරය මෘත ශරීරාගාරයකට ගෙන ගොස් පසුව කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්ෂා කර ඇත.
දකුණු පැසිෆික් සාගරයේ දුරස්ථ දූපත් ජාතීන්ගෙන් බොහොමයක් කොරෝනා රෝගීන් වාර්තා කර ඇත්තේ ඉතා අල්ප වශයෙනි. 300,000ක් පමණ දෙනා වාසය කරන වනුවාටුද ඊට වෙනස් නොවේ.
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව රට තුළ වාර්තා වී ඇත්තේ කොවිඩ්-19 ආසාදිතයන් 3 ක් පමණි. එහි පළමු ආසාදිතයා පසුගිය වසරේ නොවැම්බරයේදී වාර්තා වූ අතර තවත් ආසාදන දෙකක් මාර්තු මාසයේදී වාර්තා විය.