කොවිඩ් ආසාදිතව සපුගස්කන්ද ප්‍රදේශයෙන් පළා ගිය පුද්ගලයා සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
එම පුද්ගලයා නැවතී සිටි සපුගස්කන්ද මාකොළ උතුර නිවස හා අවට නිවෙස් 6ක පුද්ගලයන් 22ක් ගෘහස්ත නිරෝධානයට යොමුකර ඇති බවද ඔහු පැවැසීය.
ආසාදිතයා ප්‍රතිකාර සඳහා යොමුකිරීමට නියමිත බවත් ඔහු සැඟවී සිටි නිවසේ අයට විරුද්ධව ඔවුන්ගේ නිරෝධායන කටයුතු අවසන් කළ විට නිරෝධායන නීති අනුව කටයුතු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවැසීය.