කොවිඩ් 19 ආසාධනය වීමෙන් ඉතාලියේ මිලාන් නගරයේ ජිවත් වූ ලාංකිකයෙකු අද (27දා) මියගොස් තිබෙන බව මිලාන් නගර සභා සෞඛ්‍ය කාර්යාලය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ කුරුණැගල ප්‍රදේශයේ පදිංචි වසර කීපයක සිට තම පවුලේ සමාජිකයන් සමග ඉතාලියේ ජිවත් වු 56 හැවිරිදි විශ්‍රාමික හමුදා නිලධාරියෙකි.
මියගිය පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන්ව මේ වන විට නිවස තුළම නිරෝධායනට ලක් කර ඇති බවත් ඔහුගේ අවසන් කටයුතු නිරෝධායන නීතියට අනුකූලුව සිදු කිරිමට නියමිත බවත් මිලාන් නගර සභා සෞඛ්‍ය කාර්යාලය පැවසීය.
මේ සම්බන්ධයෙන් විමසිමේදී ඉතාලියේදි කොවිඩ් ආසාධනයෙන් මියගිය පළමු ලාංකිකයා බවට තොරතුරු ලැබී තිබෙන බව ඉතාලියේ මිලාන් ශ්‍රීලංකා කොන්සල් ජනරල් කාර්යාලය පැවසීය.
ඉතාලියේ දෙවන කොවිඩ් රැල්ලත් සමග වැඩිම ආසාදිතයන් වාර්තා වන ලොම්බාර්දියා ප්‍රාන්තයට අයත් මිලාන් නගරය ආශ්‍රිතව ජීවත් වන ලාංකිකයන් රැසකට කොවිඩ් ආසාදනය වී ඇති බවට තොරතුරු ලැබෙමින් තිබෙන බවත් ඔවුන්ගේ සුභ සාධන කටයුතු වෙනුවෙන් හැකි ආකාරයෙන් සොයා බලමින් තිබෙන බව කොන්සල් ජනරල් කාර්යාලය වැඩිදුරටත් පැවසීය.
චන්දන ප්‍රනාන්දු