කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ලොව පුරා ආසාදිත පිරිස මිලියන 3කට අධික වන අතර, අද (28දා) අලුයම වනවිට ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයට අනුව එම අගය 3,036,770කි.
එමෙන්ම වෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා සිදුව ඇති මරණ 210,842ක් දක්වා ඉහළ ගොස් ඇති බවද එම දත්ත පවසයි.
කොරෝනා වෛරසය ආසාදිනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබා සුවය ලැබූ පිරිස ලොව පුරා 892,291ක් ලෙස සඳහන් වෙයි.