ලොව පුරා කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිතයන් වැඩිම ප්‍රමාණයක් වාර්තා වූ රටවල් 10 අතරින්, වෛරසය මුලින්ම ආරම්භ වූ චීනය ඉවත්ව තිබේ.
ඒ අනුව මේ දක්වා වැඩිම ආසාදිතයන් වාර්තා වී තිබූ 10 වැනි රට ලෙස සිටි චීනය පසු කරමින්, දකුණු ඇමෙරිකාවේ බ්‍රසීලය අලුතින්ම ඉදිරියට පැමිණ 10 වැනි තැනට පත්ව ඇත.
මේ වනවිට වේගයෙන් වෛරසය පැතිර යන රාජ්‍යයක් ලෙස බ්‍රසීලය සැලකෙන අතර, එරට තුළ ආසාදිතයන් 87,187ක් වාර්තා වන බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.
බ්‍රසීලයෙන් වාර්තා වන කොවිඩ්-19 ආශ්රිත මරණ සංඛ්‍යාවද 6,000 ඉක්මවා ගොස් ඇති අතර, සුවවූවන් 35,935කි.
චීනය මේ වනවිට සම්පූර්ණයෙන්ම වෛරසය පාලනය කර ඇති අතර, එරට තුළ ආසාදිතයන් 83,956ක් වාර්තා විය. කෙසේ වෙතත් චීනයේ වෛරසයෙන් මියගොස් තිබුණේ පුද්ගලයන් 4,637කි. එමෙන්ම සුවය ලැබූවන් 78,523කි.