වවුනියාව නෙදුන්කේනි ප්‍රදේශයේ පෞද්ගලික කොන්ත්‍රාත් ආයතනයක සේවකයින් තිදෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසුව ඔවුන් තිදෙනා වවුනියාව මහරෝහලට ඇතුලත් කල බවට වවුනියාව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි.
අදාල කොන්ත්‍රාත් සමාගමේ සේවකයින්ගෙන් දකුණු ප්‍රදේශයේ පදිංචි 25 දෙනෙකු පි.සී.ආර්. පරික්ෂණයකට යොමු කිරීමෙන් පසුව ඉන් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු විය.
මේ හේතුව නිසාවෙන් අදාල කොන්ත්‍රාත් සමාගම විසින් වවුනියාව වේප්පම්කුලම් ප්‍රදේශයේ පිහිටි වෙළඳසැල් තුනකික් ගනුදෙනු කර ඇති බවට අනාවරණය වීමත් සමග අදාල වෙළඳසැල් අද (22) දින වසාදැමීමට පියවර ගත් බවටත් එම වෙළඳසැල් වල සිටි පිරිස් හා ඇසුරුකරන ලද හඳුනාගත් පුද්ගලයින්ද නිරෝධායනය පිණිස යොමු කොට පී.සී.ආර්. පරික්ෂණයන් සඳහා යොමු කොට ඇති බවටද සෞඛ්‍ය පරික්ෂකවරුන් පවසා සිටියහ.
මේ අනුව කොරෝනා වෛරසය වැළඳී ඇති බවට තහවුරු වූ පුද්ගලයින්ට ප්‍රතිකාර කිරීම සඳහා වවුනියාව මහරෝහලේ වෙනම වාට්ටුවක් වෙන්කොට ප්‍රතිකාර කිරීමේ කටයුතුද මේ වන විට සිදු කෙරෙයි.