ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ 68 කොවිඩ් වාට්ටුවේ ප්රථිකාර ලබමින් සිටි කොවිඩ් රෝගියෙකු එම වාට්ටුවෙන් ඊයේ (10) දින පැනගොස් ඇති බැව් කරාපිටිය රෝහල් පොලිසිය පවසයි.
මොහු ඊයේ දින ගාල්ල කරපිටිය ශික්ෂණ රෝහලේ දි රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයකට ලක්ව ඇති අතර එම පරික්ෂණයේ දි කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇත. පසුව මොහු කොවිඩ් 68 වාට්ටුවට ප්රථිකාර සදහා යොමුකොට ඇත.
එසේ ප්රථිකාර ලබමින් සිටියදි මොහු කොවිඩ් වාට්ටුවෙන් එදින රාත්රි 7.20ට පමණ පැනගොස් ඇති බැව් කරාපිටිය රෝහල් පොලිසිය පවසයි.
මොහු කරාපිටිය ශික්ෂණ රෝහලට සිය ලිපිනය වශයෙන් ලබාදි ඇත්තේ ගම්මැද්ද කොට්ටව ප්රදේශයේ ලිපිනයකි. යක්කලමුල්ල පොලිසියේ නිලධාරින් විසින් එම ස්ථානයට ගොස් මොහු පිළිබද සොයා බලා ඇති අතර එවැනි පුද්ගලයකු එම ලිපිනයේ පදිංචි නොමැති බව අනාවරණය වි ඇති බව යක්කලමුල්ල පොලිසිය පවසයි.
චන්දන සමරවික්රම, රවින්ද්රශ්රිලාල්