දැනට පවතින සියලු සාක්ෂිවලට අනුව කොවිඩ්-19 හෙවත් කොරෝනා වෛරසය වවුලන්ගෙන් ආරම්භ වී ඇති අතර, එය රසායනාගාරයක නිර්මාණයක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශිකා ෆඩෙලා චයිබ් ඊයේ (21දා) ජිනීවාහි පැවති සාකච්ඡාවකදී පැවසීය.
සත්ත්ව වෙළෙඳ පොළකින් නොව, නව කොරෝනා වෛරසය චීනයේ රසායනාගාරයකින් පැතිරීමේ හැකියාව පිළිබඳ ඇමෙරිකානු රජය සොයා බලමින් සිටින බව එක්සත් ජනපද බුද්ධි අංශ සහ ජාතික ආරක්ෂක නිලධාරීන් පවසයි.
"මේ අවස්ථාවෙහිදී කොවිඩ් -19 වසංගතයට හේතු වූ වෛරසයේ ප්රභවය නිශ්චිතවම නිශ්චය කළ නොහැකියි" යනුවෙන් චයිබ් කෙටි සාකච්ඡාවකදී පැවසීය. "කෙසේ වෙතත් දැනට පවතින සියලු සාක්ෂිවලට අනුව වෛරසයට ස්වාභාවික සත්ව සම්භවයක් ඇති අතර එය හැසිරවූ හෝ සාදනලද වෛරසයක් නොවෙයි. වෛරසය බොහෝ විට වවුලන් ආශ්රිත පරිසරයක් පවතිනවා."
"බොහෝ පර්යේෂකයන්ට එහි ජානමය ලක්ෂණ හැදෑරීමට අවස්ථාව ලැබී තිබෙනවා. මේ නිසා වෛරසය රසායනාගාරයක නිපදවීමක් යන අදහසට සාක්ෂි සහාය නොදක්වන බව ඔවුන් සොයාගෙන තිබෙනවා." චයිබ් පවසන්නේ මිනිසුන් නිසි දත්ත කෙරෙහි අවධානය යොමු කළ යුතු බවයි. වෛරසයේ මූලාරම්භය පිළිබඳ ව්‍යාජ න්‍යායන් මතු නොකළ යුතු බවද අවධාරණය කරයි.