මෙම වසරේ මුල් මාස නවය තුළදී පමණක් නව ආයෝජන හා පවත්වාගෙන යන ව්‍යාපෘති පුළුල් කිරීම තුළින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ඇ.ඩො.බිලියන 1.5ක් වටිනා ගිවිසුම් අත්සන් කර ඇතැයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂක ජනරාල් සංජය මොහොට්ටාල මහතා පවසයි.
එම ප්‍රමාණය මෙම වසර අවසානය වනවිට ඇ.ඩො.බිලියන 2.5ක් දක්වා ඉහල යාමක් අපේක්ෂා කරන බවද හෙතෙම පවසයි.
පවතින ගෝලීය අර්බුදය තුළද දේශීය ආයෝජකයන් නව ව්‍යාපෘති පුළුල් කිරීම වඩා වැදගත් බවත්, ඉන් ගම්‍ය වන්නේ ලෝක තත්තවය තුළ ඇති වී ඇති අවස්ථාවන් ශ්‍රී ලාංකේය ව්‍යවසායකයන් ආයෝජනයට ගෙන ඇති බවත්ය. දේශීය නිෂ්පාදකයන් තම නිෂ්පාදන ඉහළ නැංවීම තුළින් අපනයන ආදායම ඉහළ නංවා රුපියල ශක්තිමත් වන බවද මොහොට්ටාල මහතා පැවසයි.
මෙම තත්ත්වය තුළ ඉදිරි දෙවසර තුළ ආයෝජන ක්ෂේත්රයේ විශාල වර්ධනයක් අපේක්ෂා කරන බවත් ඒ සඳහා මූලික අවශ්‍යතාවයන් මේ වන විටත් සකස් කරන බවත් පවසන අධ්‍යක්ෂක ජනරාල්වරයා නව ආයෝජන ආරම්භ කිරීමට විධිමත් යාන්ත්‍රණයක් සකස් වෙමින් පවතින බවද පැවසීය.