ගෝලීය ආර්ථිකයේ අයුක්තියට සහ න්‍යෂ්ටික අවිආයුධ වැළැක්වීම සඳහා වූ ප්‍රතිසංස්කරණයට අවස්ථාවක් ලෙස නව කොරෝනා වෛරස හදිසි අවස්ථාව භාවිත කරන ලෙස ෆ්‍රැන්සිස් පාප්තුමන් ලෝක නායකයින්ගෙන් ඉල්ලා තිබේ.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය වෙත පටිගත කරන ලද දේශනයකින් පළමු වැනි ෆ්‍රැන්සිස් පාප් තුමන් අවධාරණය කළේ මාරාන්තික කොරෝනා වෛරස වසංගතයෙන් පැන නගින ලෝකය සහ සමාජ පද්ධතිය පෙර නොවූ විරූ අභියෝගයන්ට මුහුණ දී ඇති බවය.
"වසංගතය අපට පෙන්වා දී ඇත්තේ අපට එකිනෙකා නොමැතිව ජීවත් විය නොහැකි බවයි. මේ තීරණාත්මක අවස්ථාවෙහිදී, අපගේ පොදු නිවහනේ සහ අපගේ පොදු ව්‍යාපෘතියේ අනාගතය ගැන නැවත සිතා බැලීම අපගේ යුතුකම වන්නේ ඒ නිසයි." එතුමන් කීවේය.
අර්බුදය වඩා හොඳ හෝ නරක ලෙස ලෝකයට පිටතට පැමිණීමට අවස්ථාවක් සපයන බව පාප්තුමන් තරයේ කියා සිටියේය.