ලොව වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් වාර්තා වන රාජ්‍යයන් අතර ප්රංශයද පසුකරමින් මහා බ්‍රිතාන්‍ය ඉදිරියට පැමිණ තිබේ.
ඒ අනුව මේ වනවිට වැඩිම කොවිඩ් ආසාදිතයන් වාර්තා වන ඇමෙරිකාව, ස්පාඤ්ඤය හා ඉතාලියට පසුව සිව්වැනි තැන මහා බ්‍රිතාන්‍යයට හිමිව ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙයි.
බ්‍රිතාන්‍යයේ අද (02දා) අලුයම වනවිට වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 178,685කි. එමෙන්ම එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 27,583ක් වන අතර, එය ලොව වැඩිම මරණ වාර්තා වන ඇමෙරිකාව හා ඉතාලියට පසුව තෙවැනි තැනට පත්ව තිබේ.
මෙහි වඩාත් ලොමුදැහැගැන්වෙන තත්ත්වය නම් මේ සමස්ත තත්ත්වය තුළ බ්‍රිතාන්‍යයේ මෙතෙක් සුවය ලැබූවන් ලෙස වාර්තා වන්නේ 892 දෙනෙකු පමණි.