මින්නේරිය කවුඩුල්ල වන පිවිසුම තුළ පුද්ගලයින් දෙදෙනෙකුට අයත් අස්ථි කොටස් වලින් එක් අයෙකු නාවික හමුදාවේ සේවය කල අයෙකු බවත් අද (21) දින එම ස්ථානයෙදි කළ මහේස්ත්‍රාත් පරික්ෂණයෙදි ඥාතින් විසින් හඳුනා ගත් බව මින්නේරිය පොලීසිය පවසයි.
එම අස්ථි කොටස් ආසන්නයේ තිබු ජංගම දුරකථනයක් උපයෝගි කර ගනිමින් එහි සඳහන් වෙනත් අංකයකට දුරකථන ඇමතුමක් ලබා ගැනිමෙන් පසු එමඅස්ථි කොටස් හිමි පුද්ගලයා හදුනාගත් බව පොලීසිය කියයි.
මෙසේ ගෙළවැල දාගෙන මියගොස් ඇත්තේ හෙල්සිරි ඇකිරිය, රිකිල්ලගස්කඩ, හඟුරන්කෙත ලිපිනයේ පදිංචි පොල්වත්තේ ගෙදර මලිත කුමාර විපුලසිරි (27) හැවිරිදි නාවික හමුදාවේ සේවය කල අවිවාහක තරුණයෙකි.
පොලීසිය කල පරික්ෂණ අනුව මෙම නාවික හමුදා සෙබළා සේවය කර ඇත්තේ ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුරට අනුයුක්තවයි. ඉකුත් ජනවාරි 28 දින මෙම පුද්ගලයා ඔහුගේ නිවසින් පිටත් ගිය පසු නැවැත සේවය කල නාවික හමුදා කඳවුරටවත් නිවසටවත් නැවැත පැමිණ නැත. මෙම තරුණයාගේ අතුරුදහන් විම පිළිබද දෙමාපියන් විසින් හඟුරන්කෙත පොලීසියේ පැමිණිල්ලක් ද දමා ඇත. මියගිය තරුණයාගේ ඥාතින් වන පිරිසක් හිගුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටින බැවින් එම අයගෙන් තොරතුරු විමසා තිබේ.
කෙසේ නමුත් යුදහමුදාවේ පුහුණුවක නිරතව සිටි අය විසින් පොලීසියට දැනුම් දිමෙන් පසු මේ පිළිබද පරික්ෂණ පැවැත් වු පොලීසිය මින්නේරිය කවුඩුල්ල වන පිවිසුම තුළ තිබු පුද්ගල අස්ථි කොටස් ඇති ස්ථාන පරික්ෂා කිරිමේ ගෙලවැළදාගෙන සිටි ලණු සහ ඒ අවට ජංගම දුරකථන, බැග් ඔහුන් පැලැද සිටි සපත්තු මුදල් පසුම්බියක් තිබි හමු වි ඇත.
ඒ අනුව මෙම නාවික හමුදාවේ තරුණයාගේ ඥාතින් විසින් හඳුනාගෙන ඇත. අස්ථි කොටස් ආසන්නයේ කිසිදු සාක්කියක් නොමැති නිසා ඒ පිළිබද වැඩිදුර පරික්ෂණ පවත්වන බව මින්නේරිය පොලීසිය පවසයි. මෙම මරණ පිළිබද හිඟුරක්ගොඩ දිසා අධිකරණයට කරුණු වර්තා කිරිමෙන් පසු එහි වැඩබලන මහේස්ත්‍රාත් සමිතා ජයසේකර මහත්මිය විසින් එම ස්ථානයට ගොස් මරණ පරික්ෂණ කටයුතු සිදු කල අතර එම මරණ දෙකම ගෙළවැලදාගෙන සියදිවි හානි කරගෙන ඇති බවට දක්නට ඇති සාධක අනුව පෙනි යන බවත් ඒ පිළිබද වැඩිදුර පරික්ෂණ සිදු කිරිම සදහා අධිකරණ වෛද්‍යවරයෙකු වෙත අස්ථි කොටස් ඉදිරිපත් කරන ලෙස නියෝග කල බව මින්නේරිය පොලීසිය පවසයි.