කුවේට් රාජ්‍යය කෝවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ පියවරක් ලෙස රටේ සියලු වැඩබිම්වල සිටින ජනතාවට සති දෙකක රජයේ නිවාඩුවක් ප්‍රකාශයට පත්කර තිබේ.
කුවේටයේ රජයේ ප්රවෘත්ති ඒජන්සිය පවසා සිටියේ එරට සියලු වාණිජ ගුවන් ගමන් නවතා දැමීමටද රජය තීරණය කර ඇති බවයි.
මේ ආකාරයෙන් වෛරසය වැළැක්වීමේ පියවර කිහිපයක් නිවේදනය කරන එරට රජය, හෙට (13දා) සිට මාර්තු මස 29 වැනිදා දක්වා සියලු වැඩබිම්වලට සති දෙකක රජයේ නිවාඩුවක් ලබාදී ඇති අතර, අවන්හල්, හෝටල්, විශාල වෙළෙඳ සැල් හෝ ප්‍රසිද්ධ රැස්වීම් වෙත ජනතාව ඒකරාශී වීමද තහනම් කර ඇතැයි එම පුවත් වාර්තා වැඩිදුරටත් පවසයි.
කෝවිඩ්-19 වෛරසය පිටුදැකීමේදී නිරෝධායන ක්‍රියාවලිය සඳහා සති දෙකක කාලයක් ලබාදීමට සෞඛ්‍ය අංශ දැනටමත් කටයුතු කරන බැවින්, කුවේටය ඒ වෙනුවෙන් මෙම දැඩි ක්‍රියාමාර්ගයට යොමුව තිබේ.