කුවේටයේ නීතිවිරෝධී ලෙස රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 466 දෙනෙකු , කුවේට් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානා දෙකක් මගින් ඊයේ (19දා) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආවේය.
මෙයින් පළමු ගුවන් යානය රාත්‍රී 6.50 ට කුවේටයේ සිට පැමිණි පැමිණි අතර එම ගුවන් යානයෙන් ගුවන් යානයෙන් ශ්‍රී ලාංකික ගුවන් මගීන් 287 ක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
දෙවන ගුවන් යානය 5/19 දින මධ්‍යම රාත්‍රී 12.00 ට කුවේටයේ සිට පැමිණි අතර එහි ශ්‍රී ලාංකික ගුවන් මගීන් 179 දෙනෙකු පැමිණියේය. ඔවුන් සියලු දෙනා නීරෝධායන කටයුතු සදහා යොමු කර තිබේ.