කුවේට්හි පොදු සමාව හිමිවූ ශ්‍රී ලාංකිකයින් හෙට දිනයේ සිට ශ්‍රී ලංකාවට ගෙන ඒම ආරම්භ කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.
ඒ අනුව 460 ක පමණ පිරිසක් හෙට 19 දා කුවේට් ගුවන් සේවයේ ගුවන් යානා දෙකකින් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
මෙම ශ්‍රී ලාංකිකයන් නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම වෙනුවෙන් ඔවුන්ට අවශ්‍ය හදිසි සංචාරක ලේඛණ නිකුත් කර තිබේ. මේ පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යවරයා කුවේටයේ විදේශ අමාත්‍යවරයා සමගද සාකච්ඡාවක් පවත්වා තිබේ.
නිරෝධායන මධ්‍යස්ථාන ලබා ගත හැකි ප්‍රමාණයට අනුකූල වන පරිදි ශ්‍රී ලංකාවට ඔවුන් ගෙන්වා ගැනීම සිදුවෙයි.