කැලෑ කපා පරිසරය වැනසීමට රජය කිසිවෙකුටඅවසර දී නොමැති බවත් ගොවියන්ට ඔවුන් වගා කළ බිම් නැවත වගා කිරීමට අවසර දෙන ලෙස රජය දුන් උපදෙස් වැරදි ආකාරයට යොදා ගනිමින් ඇතැම් ජාවාරම්කරුවන් වනය විනාශ කිරීමට පටන් ගෙන ඇති බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.
“මෙම ක්‍රියාවන් පසුපස ඇතැම් දේශපාලඥයින් මෙන්ම ජාවාරම් කරුවන්ට සහාය දෙන රජයේ නිලධාරිනුත් ඉන්නවා. එමනිසා කැළෑ කපා පරිසරය විනාශ කරමින් සිටින එවැනි පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගන්නැයි ජනාධිපතිතුමන් ආරක්ෂක අංශවලට උපදෙස් දුන්නා. ඒ වගේම ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි පරිසරය සුරැකීමේ පුළුල් වැඩ පිළීවෙළක් ද මේ වන විට අරඹා තිබෙනවා.” යැයි ඔහු පැවැසීය.
අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ ඊයේ (22) පස්වරුවේ පරිසර අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැති ලෝක බාලදක්ෂ දින සැමරුම් නිල උත්සවයකට සහභාගි වෙමිනි. ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් පැල ලක්ෂයක් රෝපණය කිරිමට ගෙන යන වැඩ පිළිවෙළට සහාය පළ කරමින් පරිසර අමාත්‍යාංශය විසින් මෙම උත්සවය සංවිධානය කර තිබිනි.
“අද ප්‍රධාන හා සමාජ මාධ්‍ය තුළ වැඩියෙන්ම කතා කරන මාතෘකාවක් බවට පත් වී තිබෙන්නේ පරිසර විනාශයන් ගැනයි. පරිසර විනාශයන් සම්බන්ධයෙන් නිසි පියවර ගන්නේ නැතැයි චෝදනා එල්ල කරන්නේ පරිසර අමාත්‍යාංශයටයි. නමුත් මෙම විෂයය අමාත්‍යාංශ කිහිපයකට බෙදී තිබෙනවා. පරිසර, වනජීවි, හා වනසංරක්ෂණ යනුවෙන්. මහවැලි සංවර්ධන අමාත්‍යාංශයටත් කොටසක් අයත් වෙනවා. නමුත් පරිසරය ඉළක්ක කර ගනිමින් සිදු වෙන ඇතැම් හානිකර ක්‍රියාවන් වැළැක්වීම සඳහා පරිසර අමාත්‍යාංශයට ඝෘජු වගකීමක් නැතත් එම ජාතික වගකීම ඉටු කිරීමට පරිසර අමාත්‍යාංශය බැඳී සිටිනවා.
අපිට ලොකු පොඩි හෝ ප්‍රබල හා දුබළ යැයි බේදයක් නැහැ. පරිසරය විනාශ කරන කවුරුන් වුවත් අපිට ප්‍රශ්නයක් නැහැ. අපි ඒ හැම දෙනාම සළකන්නේ නීතිවිරෝධී ක්‍රියාවලට අනුබල දක්වන අය ලෙසයි. ඒ නිසා අපි තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා.
පරිසර විනාශ කිරීම් සම්බන්ධව ජනාධීපතිතුමා හැමදාම අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී සාකච්ඡා කරනවා. ඒ නිසාම එතුමා මේ පරිසරය විනාශ කරන ජාවාරම්කරුවන් අත් අඩංගුවට ගැනීම සඳහා විශේෂ වැඩ පිළීවෙළක් ආරම්භ කළා. පරිසර හානි ගැන ආරක්ෂක අංශවලට දැනුම් දීමට 1997 ඝෘජු දුරකථන අංකයක්, පාරිසරික පොලිසිය ශක්තිමත් කිරීම හා තොරතුරු ලබා ගැනීමට හා ක්‍රියාත්මක වීමට වෙනමම ඒකකයක්, ඒ වගේම ගුවන් හමුදාව සතු ඩ්‍රෝණ යානා උපයෝගී කර ගනිමින් වන විනාශයන් නිරීක්ෂණය කිරීම හා එම පුද්ගලයින් අත් අඩංගුවට ගැනීමට කටයුතු කිරීම වැනි පියවර රැසක් ගෙන තිබෙනවා.
අපිත් පරිසර අමාත්‍යාංශය විදියට පරිසරය විනාශ කරන්නන්ට එරෙහිව තරාතිරම නොබළා නීතිය ක්‍රියාත්මක කරන ලෙස අපේ දිස්ත්‍රික් නිලධාරින්ට දැනුම් දුන්නා. ඒ නිසා කවුරුහරි හිතනවා නම් කැළෑ කපා විනාශ කරන්නට මින් පසු ඒ සඳහා ඉඩක් නැහැ. ඒ වගේම මේ කටයුතුවලට සහාය දක්වන රජයේ නිලධාරින් ඉන්නවා නම් ඔවුන්ට එරෙහිව විනය පියවර ගෙන ගෙදර යැවීමටත් කටයුතු කරනවා.”