කල් ඉකුත් වූ රියදුරු බලපත්‍ර වලංගු කාල සීමාව කොවිඩ් 19 වසංගතය අවසන් වන තෙක් දීර්ඝ කිරීමට කටයුතු කරන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට උපදෙස් දෙයි.
පසුගිය මාර්තු මස 10 දිනෙන් කල් ඉකුත් වු රියදුරු බලපත්‍ර අලුත් කිරීම සඳහා මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් දීර්ඝ කර තිබු කාල සීමාව අප්‍රේල් මස 15 දිනෙන් අවසන් විය.
කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා දැනට එම කාර්යාලයේ කටයුතු සිදු නොවන බැවින් මෙම රියදුරු බලපත් වලංගු කාලසීමාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ යුතු වැඩ පිළිවෙළ පිළිබඳව එහි නිලධාරින් සමග අද දින 17 අමාතය මහින්ද අමරවීර මහතා සාකච්ඡාවක් පැවැතිනි.
එහිදී අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දුන්නේ කොවිඩ් වසංගත තත්ත්වය නිසා නැවත එම කටයුතු ආරම්භ කළ හැකි දිනයක් නිශ්චිතවම ප්‍රකාශ කළ නොහැකි වන බැවින් කොවිඩ් 19 වසංගතය අවසන් වන තෙක් කල් ඉකුත්වු රියදුරු බලපත්‍රවල වලංගු කාලය දීර්ග කිරීමට පියවර ගන්නා ලෙසයි. එමෙන්ම මේ සම්බන්ධව ආරක්ෂක අංශ දැනුම්වත් කරන ලෙස ද අමාත්‍යවරයා ඒම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.
කොවිඩ් වසංගතය නිසා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට දිනක අලාභය රුපියල් මිලියන 30කි. පසුගිය මාර්තු මාසයේ සිට කාර්යාලය වසා දමා ඇති නිසා දැනට ආදායමක් නොමැති අතර ඇතැම් සේවා සපයන ආයතන සඳහා ගෙවිය යුතු මුදල් ද ගෙවා ගත නොහැකි තත්ත්වයට පත්ව ඇත. දැනට රියදුරු බලපත් 50,000ක් සකස් අවසන් කර තිබේ . තවත් 40,000ක කටයුතු මෙම මස 20 දිනෙන් පසුව ආරම්භ කිරීමට නියමිත අතර මෝටර් රථ ප්‍රවාහණ දෙපාර්තමේන්තුව විසින් උපයන ආදායමෙන් එම දෙපාර්තමේන්තුවේ වියදම් ආවරණය කර ගන්නා අතර ඉතිරි මුදල් රාජ්‍ය භාණ්ඩාගාරයට ලබා දෙයි. ඒම දෙපාර්තමේන්තුවේ කළමනාකාරිත්වය පෙන්වා දෙනු ලැබුයේ සතියක් වැඩ කළහොත් අවශ්‍ය මුදල් උපයා ගත හැකි බවයි.
කෙසේ වුවද, නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයේ අත්‍යවශ්‍යම සේවක කණ්ඩායම් යොදා ගනිමින් හා මෙම මස 20 දායින් පසුව වෙනත් පළාත්වල ඇති කාර්යාල විවෘත කර කාර්යාල කටයුතු පවත්වාගෙන යන ලෙස අමාත්‍යවරයා එම දෙපාර්තමේන්තුවට උපදෙස් දෙනු ලැබීය.