දෙහිවල , නැදිමාල , රබර්වත්ත පාර සුපිරි දෙමහල් නිවසේ පවත්වා ගන යනු ලැබූ මහා පරිමාණ ඖෂධ ගබඩාවේ තිබූ කල් ඉකුත්වූ හා ව්‍යාජ ලේබල් ඇලවූ රුපියල් කෝටි එක හමාරකට අධික වටිනා ඖෂධ තොගය ඖෂධ නියාමන අධිකාරි පනතට අනුව නීති විරෝධි බැවින් එම ඖෂධ සියල්ල ජාතික ඖෂධ නියාමන අධිකාරිය භාරයට ගෙන මුද්‍රා තබා ආරක්ෂිත ක්‍රමවේද යටතේ ඊයේ දින ගබඩා කරනු ලැබූ බවත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන ආහාර හා ඖෂධ පරීක්ෂක අමිත් පෙරේරා මහතා පැවසීය .
ඒ මහතා එසේ ප්‍රකාශ කළේ පසුගිය 12 වන දින දෙහිවල පොලීසිය බස්නාහිර පළාත් බුද්ධි ඒකකය වෙත ලද තොරතුරකට අනුව දෙහිවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච් එල් දුෂ්මන්ත ලියනගේ මහතාගේ සහභාගීත්වයෙන් සිදුකල වැටලීමේ ඉදිරි ක්‍රියාමාර්ග පිලිබදව විමසීමේදීය .
ඒ අනුව එම ගබඩාවේ තිබූ කල් ඉකුත්වූ හා ව්‍යාජ ලේබල් ඇලවූ ඖෂධ වර්ග 16 ක සාම්පල් ලබාගන ඒවා සීමාස්ත නිෂ්පාදනද , නැතහොත් ඖෂධ ගනයට අයත්ද යන්න පරීක්ෂණ කටයුතු සදහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඖෂධ ලියාපදිංචි කිරීමේ අංශය වෙත 12 වන දින යොමු කරනු ලැබ එහි වාර්ථා ඉකුත් 21 වන දින ලබාදුන් බවත් , ඒ අතරින් ඖෂධ වර්ග 06 ක් ඖෂධ ගනයටත් ඉතිරි 16 ක ප්‍රමාණය වර්ගීකරණය නොවී ඇති බැවින් සියුම්ව පරීක්ෂාවට එහි පාලක මණ්ඩලයක් විසින් වැඩිදුරටත් පරීක්ෂණ පවත්වනු ලබන බවත් , අමිත් පෙරේරා මහතා පැවසීය.
මේ අතර ඊයේ දින හදිසියේම එම ස්ථානය නිරීක්ෂණය කිරීමට පැමිණි ඖෂධ නිෂ්පාදන සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මෙහි ඉදිරි පරීක්ෂණ කටයුතු කඩිනම් කර ඖෂධ ගනයේ සියලු ඖෂධ අධිකාරිය භාරයට ගෙන මුද්‍රා තබා ආරක්ෂිත ක්‍රමවේද යටතේ කටයුතු කරමින් මෙතෙක් මෙම ව්‍යාපාරය විසින් වෙළද පළට බෙදහැර ඇති සියලු ඖෂධ වර්ග වෙළදපළින් ඉවත් කරවීමටත් කටයුතු කරන ලෙසත් උපදෙස් ලබාදුන් බවත් අමිත් පෙරේරා මහතා කියා සිටී.
මේ අනුව දැනට පැමිණි වාර්ථා වලට අනුව ඖෂධ ගනයේ වර්ග 6 ක් මෙම ගබඩාවේ ඇති බවට හදුනාගත් බවත් , ඒ අතර පෙති 50 බැගින් වන ඇසුරුම් සහිත පෙට්ටි 52000 ක ප්‍රමාණයක්ද වන බවත් , මේ සම්බන්ධයෙන් දැනට ඇපමත මුදා හැරුණු අධ්යක්ෂවරයා ඉදිරි දිනවලදී ජාතික ඖෂධ නියාමණ අධිකාරියේ විධායක අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය නිමල් ජයසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ නඩු පැවරීම සදහා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවත් අමිත් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.
දෙහිවල එච් එම් ධර්මපාල