හෙම්මාතගම පොලිස් වසමේ කොටේගොඩ ප්‍රදේශයේදී කල් ඉකුත් වූ ආහාර නැවත පවිත්‍ර කර වෙළඳපොළට යොමුකරනු ලබන ස්ථානයක් හෙම්මාතගම පොලිස් ස්ථානය මගින් වටලා තිබේ.
මෙම ගබඩාව තුළ තිරිඟු පිටි ගෝනි 24ක්, පරිප්පු මිටි 31 ක් සොයාගෙන ඇති අතර පසුව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් කැඳවා මෙම ගබඩාව මුද්‍රා තිබේ.
සැකකරුවන්ට මාවනැල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට එළැඹෙන 13දා ඉදිරිපත් වන ලෙස දන්වමින් පොලිස් ඇප මත මුදාහැර තිබේ.