කුලියාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් සිවු දෙනෙකු ඇතුළු කාර්යමණ්ඩල සාමාජිකයින් 14 දෙනෙකු කොවිඩ්-19 ආසාදිතයින් බවට හඳුනාගෙන තිබේ.
ඊයේ (20) සිදුකළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවේදී එම ආසාදිතයින් හඳුනාගත් බව කුලියාපිටිය ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත මහතා සඳහන් කළේය.
වෛද්‍යවරුන් සිවුදෙනාට අමතරව රෝහලේ ශල්‍ය වෛද්‍ය වාට්ටුවලට අනුයුක්තව සේවය කළ හෙද නිලධාරින් 8 දෙනෙකු, කණිෂ්ඨ කාර්යමණ්ඩල සේවකයින් දෙදෙනෙකු කොවිඩ් ආසාදිතයින් බව හඳුනාගෙන තිබේ.