කුලියාපිටිය, බිංගිරිය, දුම්මලසූරිය, රස්නායකපුර, කොබෙයිගනේ හා හෙට්ටිපොළ යන ප්රදේශවලට වහාම ක්රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පැනවීමට රජය පියවර ගෙන තිබේ. ඒ එම ප්රදේශ තුළ යළත් වරක් ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙනි.
හෙට පෙරවරු 4.00 දක්වා මෙසේ පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.
ඊයේ රාත්රියේද මෙම ප්රදේශවලට පොලිස් ඇඳිරි නීතිය පැනවිය.ඒ ඇතිවූ නොසන්සුන්කාරි තත්ත්වයක් හේතුවෙනි. ඒ අනුව අද උදෑසන 6.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය පැනවූ අතර පසුව ඉවත් කෙරිණි.