කොලොම්බියාවේ ජනාධිපති ආර්යාව වන මාරියා ජූලියානා රූයිස් කොවිඩ්-19 වෛරසය ආසාදිත වූ බවට ධනාත්මක පරීක්ෂාවක් සිදුකර ඇති බව ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශයක් තහවුරු කරයි.
"මේ අවස්ථාවේදී ඇය රෝග ලක්ෂණ රහිත වන අතර, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ස්ථාපිත කරනලද ආසාදිතයන් හුදකලා කොට තැබීමේ නියමයන් අනුගමනය කරනවා." ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
කෙසේ වෙතත් කොලොම්බියානු ජනාධිපති අයිවන් ඩියුක් කොවිඩ්-19 ආසාදනය වී නොමැති බවත්, ඔහු සෘණාත්මක පරීක්ෂාවක් සිදුකර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.